Posted on 11.21.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඇතිව තිබෙන දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් දරුවන් සදහා නොමිලයේ ලබා දෙන්නට නියමිත නිලඇදුම් රෙදි සැපයීම අවිනිශ්චිතතාවයකට පත්ව ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග හෙළිකරයි.
ඔක්තෝබර් මාසය වනවිට මෙම නිලඇදුම් සදහා වවුචරපත් මුද්‍රණය සදහා සූදානම්ව තිබුණු නමුත් ඇතිව තිබෙන වියවුල් සහගත තත්වය ත=ළ එම කටයුතු ඇණ හිට තිබේ. දෙසැම්බර් පාසල් නිවාඩුවට පෙරාතුව පාසල් දරුවන් ලක්ෂ 44කට නිල ඇදුම් රෙදි සැපයීමේ කාර්ය මේ නිසා දැඩි අවදානමකට ලක්ව ඇත. ඔක්තෝබර් 26 වැනිදා අගමැති ලෙස පත් කෙරුණු මහින්ද රාජපක්ෂ විසින් නම්කළ අධයාපන ඇමතිවරයා වශයෙන් පත්කළ විජේදාස රාජපක්ෂ විසින් වවුචර් ක්‍රමය වෙනුවට නිලඇදුම් රෙදි ප්‍රදානය කිරීමේ සූදානමක් සම්බන්ධව කළ ප්‍රකාශය නිසා අදාළ ක්‍රියාදාමයේ අවිනිශ්චිතතාවක් හටගෙන ඇත. විදේශ ඇමති මහින්ද සමරසිංහ විසින් පවසා ඇත්තේ වවුචර් ක්‍රමයට වඩා දේශීය රෙදි සැපයුම්කරුවන්ගෙන් නිලඇදුම් රෙදි ලබාගෙන දරුවන්ට ලබාදීම වඩාත් වාසිදායක ක්‍රමයක් ලෙස හදුනාගෙන ඇති බවය. කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනටමත් වවුචර බෙදාහැරීමේ කටයුතු සූදානම් කර ඇත. තවද නිලඇදුම් රෙදි මිලදී ගෙන ඒවා සුදුසු පරිදි ඇසුරුම් කොට පාසල්වලට සැපයීමේ ක්‍රියාදාමයක් සදහා කාලය ප්‍රමාණවත් නොවන බව අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරිහු පෙන්වා දෙති. කෙසේවෙතත් රෙදි සැපයීමේ ක්‍රියාවලියක් සදහා මාස තුනක් වැනි කාලයක් ගතවන්නට ඉඩ ඇති නිසා දරුවන්ට ජනවාරි මස පාසල් ආරම්භයේදී අලුත් නිලඇදුම් මසා ගැනීමේ අවශ්‍යතා ඉටු නොවන බවද අමාත්‍යංශ නිලධාරිහු අවධාරනය කරති.
දේශීය සැපයුම්කරුවන් ලෙස සිටින්නේ මෙරට රෙදි නිෂ්පාදකයන් නොවන අතර ආනයනය කර රෙදි සැපයීමෙන් අධික ලාභ උපයන ව්‍යාපාරිකයන් පිරිසක් නිසා නැවත වරක් හදුන්වාදීමට යන රෙදි සැපයුම් ක්‍රමය දේශපාලන හිතවත්කම්වලට කොමිස් උපයාගත හැකි ආකාරයක් ලෙස අනාවරණය වෙමින් තිබේ.