தமிழ்
English
Contact
Friday 3rd May 2019    
පාසල් සිසුන්ට පැරණි ක්‍රමයට නිල ඇඳුම් රෙදි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාසල් සිසුන්ට පැරණි ක්‍රමයට නිල ඇඳුම් රෙදි



පාසල් සිසුන්ට නැවත නිල ඇඳුම් රෙදි ලබා දීමට රජය තීරණය කර තිබේ.

පාසැල් සිසුන්ට ලබා දෙන නිල ඇඳුම් වව්චර ක්‍රමය නතර කර නැවතත් පැරණි ක්‍රමයට රෙදි ලබා දීමට තීරණය කර තිබෙන බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව 2019 වසරේ ජනවාරි මාසයේ සිට පාසැල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දීමට නියමිතය.

වවුචර් ක්‍රමයට පෙර පැවති ක්‍රමය යටතේ පාසල් සිසුන්ට ලබාදුන් රෙදි ගෙන්වනු ලැබුවේ චීනයෙනි. නමුත් 2015 වසරේ ඉන්දියාවෙන් ඉතා වැඩි මිලට බාල රෙදි වර්ගයක් මෙරටට ආනයනය කර තිබුණි. එම රෙදිවල නිසි ප්‍රමිතිය සනාථ කළ නොහැකිවීම හේතුවෙන් පාසල් දරුවන් වෙත එම රෙදි ලබාදීම නැවතුණි. එසේම මීට මසකට පමණ පෙර එම රෙදි තොගය 2019 වසරට අදාළව වවුචර් ක්‍රමය යටතේ නැවත ලබාදීමට කැබිනට් අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා විය. වවුචර් ක්‍රමය අහෝසි කර නැවත නිල ඇඳුම්රෙදි ලබාදෙනවා යයි පවසමින් මේ ලබාදෙන්නට සුදානම් වන්නේද එම රෙදි තොගය ද යන සැකය ඇතිවේ.