පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ සති දෙකක වාර්තාවක් ලබා දීමට තමා පත් කළ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව පසුගියදා (30) තමාට ලැබුණු බවත්, එහි සඳහන් කරුණු පිළිබඳ අද (02) නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියි.
ඊයේ (01) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.
අපේ‍්‍රල් 21 වනදා ඛේදවාචකය හමුවේ එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීම නොව සිදුවිය යුත්තේ ජනතාව තුළ ඇති වූ වේදනාව ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කර ගැනීම බව ජනාධිපතිවරයා පවසා සිටියි.