Posted on 02.18.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු ආරකෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කර තිබේ.
නාමල් බලල්ලේ,ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගය ගැණුනි. අධිචෝදනා 855 යටතේ නීතිපතිවරයා පවරා තිබූ මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු නිදහස් කෙරුනේ විත්තියේ සාක්කි කැඳවීමකින් ද තොරවයි.
හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය සිදුවන බව ඊට පෙර දැනසිටි බවට චෝදනා එල්ල විය. ප්‍රහාරයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ” ගහයි කියලා දැනන් හිටියට මෙච්චර ගහයි කියලා හිතුවෙ නෑ” යනුවෙන් කරන ලද ප්‍රකාශය මහත් ආන්දෝලනයකට ලක්විය.