தமிழ்
English
Contact
Monday 21st February 2022    
විදුහල්පතිනිය දණ ගැස්වීමේ නඩුවෙන් චාමර සම්පත් නිදොස්කර නිදහස් කෙරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදුහල්පතිනිය දණ ගැස්වීමේ නඩුවෙන් චාමර සම්පත් නිදොස්කර නිදහස් කෙරේ!



පාසලක විදුහල්පතිනියක බලහත්කාරයෙන් දණ ගැස්වීමේ චෝදනාවට ලක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර දසනායක නිදොස් කොට නිදහස් කරන ලදී.

නඩුවට සම්බන්ධ පාර්ශ්ව සමථ මණ්ඩලයට යොමු කිරීමෙන් පසුව පැමිණි සමථයකට අනුව, අධිකරණ කටයුත්ත ඉදිරියට ගෙන නොයාමේ එකඟතාවක් මත විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී භවානි රඝුනාදන් විසින් බදුල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙහි මුලින්ම මෙම නඩුව ගොනු කර තිබුණු අතර පසුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නඩුව සමථ මණ්ඩලයට යොමු කර තිබිණි.

නීතිපතිගේ උපදෙස් මත දෙපාර්ශ්වයම සමථ මණ්ඩලය හමුවට කැඳවූ අවස්ථාවේදී භවානි රඝුනාදන් මෙම නඩුව සමථයකට පත්කර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබුණ ලදී. චූදිත චාමර සම්පත් මහතා ද ඊට එකඟ වූ හෙයින් නඩුව සමථයකට පත්ව අවසන් කරන්නට පියවර ගෙන ඇත.

ඉන් අනතුරුව විදුහල්පතිනිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙම නඩුව ගොනු කළේ තමන්ගේ වුවමනාවට නොවන බවකි. එහෙත් මෙම සිදුවීඹ සම්බන්ධ පොලිසිය කළ විමර්ශන හා සාක්ෂි සටහන් කිසිවක් අවසාන නඩුවාරයේදී අදාළ කරගෙන නැත.

කිහිපදෙනෙකුගේ බලපෑම් මත නඩුව ගොනු කළ බවද චාමර සම්පත් වඳින්නැයි තමන්ට අණකිරීමක් සිදු නොකළ අතර තමන් ඔහුට ආචාර කළ බවත් ඇය පවසා තිබිණි. කෙසේවෙතත්, මින් පෙර ඇය විසින් ජනමාධ්‍ය වෙත අදහස් පළ කළ අවස්ථා ගණනාවකදී ඇය සඳහන් කළ කරුණු හා මෙසේ සමථයට පත් වීමෙන් පසුව කරණ ප්‍රකාශයේ පරස්පරයක් තිබේ.

දේශපාලන බලවතකු නිදහස් කිරීම පිණිස ගෙන ගිය සැලැස්මක පියවර ලෙස මෙම නඩුවේ සමථ මණ්ඩලයට යොමු වීමේ සිට අවසානයේ මාධ්‍ය හමුව දක්වා සිදුවීම් හඳ්‍රනාගත හැකි බව බදුල්ලේ පාසල් ගුරුවරු අතර කතාබහක් සිදුව තිබේ. විදුහල්පතිනියක් මෙවැනි තත්වයකදී අසරණ වන්නේ නම් සාමාන්‍ය ගුරුවරු ලෙස තමන් කරන්නේ කුමක්දැයි ඔවුහු විමසා සිටිති. කෙසේවෙතත් ගුරු අරගලයේදී ඔවුන් ලැබූ සාමුහික කේවල් කිරීමේ අත්දැකීඹ හා ඉන් ලද ජයග්‍රහණය මෙවැනි අවස්ථාවල යළි සිහිපත් කිරීම වැදගත් වේ.