Posted on 01.04.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කඩුවෙල පොලිසිය විසින් අද සවස අත්අඩංගුවට ගනු ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව, කඩුවෙල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලබා දී ඇත.
2021 නොවැම්බර් 09වැනිදා කඩුවෙල අධිකරණ ප්‍රවේශ මාර්ගය අසළ ‘සිසු ජන ව්‍යාපාරය’ විසින් පැවැත්වූ විරෝධතාවකදී අධිකරණයට අපහාස වීමක් සිදුව ඇති බවට කඩුවෙල පොලිසිය කළ කරුණු දැක්වීමක් මත පවත්වා ගෙන යන නඩුවට අදාළව දුමින්ද නාගමුව අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කර තිබිණි. (එම නිවේදනය පහත පළ කෙරේ)
සෑම මසකම අවසන් ඉරිදා කඩුවෙල අධිකරණයට පැමිණ අත්සන් කිරීමට දන්වමින් කඩුවෙල දිසා විනිසුරු චමත් මදනායක විසින් දුමින්ද නාගමුවට ඇප ලබා දී ඇත.
