පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය වසරේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බව ෂෙහාන් මාලක ගමගේ ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව සොයා බලන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
මාධ්‍ය වෙත කළ එම අදහස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ඔහුගෙන් ප්‍රශ්න කරණ ලදී.
මාලකට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇති බවත් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.