කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධව නාවික හමුදා හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’ ඇතුලූ සැකකරුවන් තිදෙනකු ලබන 20 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ ඊයේ (06) නියෝග කළේය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, මෙම සිද්ධියේ දහ වැනි සැකකරු වූ හිටපු ලූතින්න කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිඅරච්චි, එකොළොස්වැනි සැකකරු වූ නාවික හමුදාවේ සුලූ නිලධාරී සංජීව ප‍්‍රසාද් සේනාරත්න සහ ‘අන්නාචි’ නමින් ආරූඪ නාමයෙන් හදුන්වනු ලැබූ නාවික හමුදා සුලූ නිලධාරියාය.
මෙම සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ සම්පත් මුණසිංහ, නාවික හමුදා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඞී. කේ. පී. දසනායක, නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, රාපක්ෂ පතිරණලාගේ කිත්සිරි, කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස් සහ හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්’ ය.
2008 අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වැනිදා අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් වූ බව කියන සිද්ධිය පිළිබද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණීල්ල සිදුකර තිබුනේ හිටපු නාවික හමුදාපතිවරයා විසිනෙි. මෙසේ අතුරුදන් කිරිමට ලක්ව තිබුණේ කස්තුරිආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඞීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් යන පිරිසයි.