පුරවැසිභාවය ඉවත්කිරීමේ කටයුතුවලට ගිහින් ආවා – ගෝඨාභය කියයි

ඒක්සත් ජනපදයේදී තමන්ට සිවිල් නඩු දෙකක් පැවරී ඇති නමුත් අමෙරිකාවේ පුරවැසිභාවය ඉවත්කරගැනීමේ කටයුතු සදහා ඒරටට යාමට සිදුවූ බව ගෝඨාභය රාජපක්ෂ සිය ආධාරකරුවන් අමතමින් ප්‍රකාශ කරයි.

තමන් ජනාධිපතිවරණයට පැමිණීම වැළැක්වීමට මෙවැනි නඩු පැවරීමකින් යම් යම් පාර්ශ්ව උත්සාහ කරන නමුත් පුරවැසිභාවය සම්බන්ධ කටයුතු තවදුරටත් සිදුවන බව ඔහු පවසා ඇත.

ඒවැනි නඩු පැවරීම්වලින් තම ගමන නැවැත්වීමට කිසිවකුට නොහැකිවනු ඇති බවද ඔහු සිය අනුගාමිකයන් දිරි ගන්වමින් පවසා තිබේ. ඒක්සත් ජනපදයේ සිට අද උදයේ කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ලංකාවට පැමිනි ගෝඨාභය පිළිගැනීමට විපක්ෂයේ රාජපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රිවරු පිරිසක් ඒක්ව සිටියහ.

Chandana Sirimalwatte :