පොලිස් ඔත්තුකරුවා දේශපාලන ඉත්තෙක් – නාමල් කුමාරට වැඩ වරදින ලකුණු !

පොලිස් ඔත්තුකරුවකු හා දේශපාලන නායකයන්ගේ අවශ්‍යතා අනුව මාධ්‍ය සාකච්ඡා පවත්වමින් දේශපාලන ඉත්තකු ලෙස කටයුතු කළ නාමල් කුමාර විසින් ඉදිරිපත් කළ දුරකථන පණිඩුඩ, පටිගත කළ සංවාද ආදිය තුළින් ප්‍රභූ ඝාතනයක් සම්බන්ධ කිසිවක් අනාවරණය නොවන බව දක්වා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන දේශපාලන තොරතුරු අනාවරණය කරයි.

වරින්වර ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඔහු විසින් වංචනික අරමුනු අනුව කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර දේශපාලන ඝාතනයක් සම්බන්ධයෙන් ඔහු ඉගිකරන නමුත් දේශපාලන විශ්ලේෂකයන් පවසන ආකාරයට විධිමත් කරුනු පෙළ ගැස්වීමකින් තොරව විවිධ දේශපාලකයන්ට අවලාද නගන්නේ ප්‍රතිවාදී දේශපාලන නායකයන්ගේ අරමුනු වෙනුවෙන් බවය.

දුෂණ විරෝධී බලකාය නම් සංවිධානයක් නියෝජනය කරන බව කියමින් නාමල් කුමාර තම පළමු මාධය සාකච්ඡාව සිදු කළේ පසුගිය සැප්තැම්බර් 12 වැනිදා මහනුවරදීය. මහනුවර දිගන ප්‍රදේශයේ ජාතිවාදී ගැටුම්වලට සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට පත් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට ගැනීම පිළිබදව එම මාධය හමුවේදි කරුනු දක්වමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන ඔහු චෝදනා එල්ල කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ආමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව පැමිණිල්ලක් සිදුකරමින් ඊළගට නාමල් කුමාර සිය දේශපාලන ක්‍රියාකාරිත්වය ආරම්භ කළේය.

කෙසේවෙතත් ඔහු ඉදිරිපත් කරන චෝදනා සත්‍යයවෙන් තොර බවට ප්‍රමාණවත් අනාවරණයක් සිදුකරගතහොත් අසත්‍ය කරුනු ප්‍රසිද්ධ කරමින් ජනතාව නොමග යැවීම හා ප්‍රචණ්ඩකාරිත්වයක් මවාපෑම සම්බන්දයෙන් නාමල් කුමාර අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බව නීති අංශවල අදහසයි. එහිදී ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවලට පදනම්වන හඩපට සියල්ල පිළිබද කරුනු අනාවරණය වුවහොත් මෙම මාධ්‍ය සාකච්ඡාවලින් අරමුනු කරගත් දේශපාලන ඉලක්ක මෙන්ම ඔහු මෙහෙයවන දේශපාලන අංශ සහ නායකයන් පිළිබද අනාවරණය කරගන්නට හැකි හෙළි කරගත හැකි බව පැහැදිලිය.

 

Chandana Sirimalwatte :