රජරට විශ්ව විද්‍යාල පීඨ 4ක් දින නියමයක් නැතිව වසා දමයි!

ඊයේ (29) සිට රජරට විශ්ව විද්‍යාලයේ පිඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දමන්නට බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහවාර්ය රංජිත් විජේවර්ධන කටයුතු කර ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ පංති තහනම් කර ඇති සිසුන් 16 දෙනෙකුගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුන් පසුගිය 27 දින පරිපාලන ගොඩනැගිල්ලේ රැදි සිටිමින් උද්ඝෝෂණය කිරිමේ හේතුවෙන් පරිපාලන කටයුතු කිරිමට අපහසු බව පවසමින් විශ්ව විද්‍යාලය දින නියමයක්  නොමැතිව වසා දැමිමට තිරණය කර ඇත. සමාජ විද්‍යා හා මානව ශ්‍රාස්ත්‍ර පිඨය, කළමණාකරන පිඨය, ව්‍යවහාරික විද්‍යා පිඨය සහ තාක්ෂණ විද්‍යා පිඨය මෙසේ වසා දමා සියළුම නේවාසික වල සිසුන්ට උදැසන 10.00ට පෙර ඉවත් වන ලෙසද පාලනාධිකාරිය විසින් දැනුම් දී තිබුණි. විශ්ව විද්‍යාලය වසා දැමුවද පාලක තීරණයට විරෝධය දක්වමින් සිසුන් පිරිසක් තවමත් රජරට විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ රැදි සිටිති.

Chandana Sirimalwatte :