Posted on 06.06.2018 by Madanayaka in ක්රීඩා පුවත් with 0 Comments
කැරිබියන් දූපත්හී තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ට්‍රිනිඩෑහී ක්වින්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේදී අද දින (6) ආරම්භවීමට නියමිතය.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය වසර 1993 දී පැවැති අතර ඉන් පසුව පැවැති අවසන් ටෙස්ට් තරගය 2015 පැවැත්විය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර තරග 17 ක් මේ දක්වා පවත්වා තිබේ.
මෙම තරග 17 න් 8 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන අතර ඉටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට මේ දක්වා ජයගැනීමට හැකිව තිබෙන්නේ තරග 3 ක් පමණි. අනෙකුත් තරග 6 ය පරාජයෙන් තොරව අවසන්ව තිබේ.
අද දින ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දිනේෂ් චන්දිමාල් විසිනි. බටහිර ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ජාසන් හොල්ඩර් විසිනි.
කණ්ඩායම් දෙකේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහසය වසර 36ක් දක්වා දිවෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට කැරිබියානු දූපත්හි සංචාරය කර තිබෙන්නේ මීට වසර දහයකට පෙර මහේල ජයවර්ධනගේ නායකත්වයෙනි. ඒ වසර 2008දීය