Posted on 05.25.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බස්රථ ගාස්තු නැවත ඉහළ දැමීමට ‘ජාතික ගමනාගමන කොමිෂන් සභාව’ විසින් තීරණය කර ඇත.
ඒ අනුව, අවම බස් ගාස්තුව රු.27 සිට 32 දක්වා ඉහළ දමා ඇත. මෙසේ බස්ගාස්තු ඉහළ දමා ඇත්තේ ඉන්ධන හා අමතර කොටස් මිල ඉහළ යාම, සේවක වැටුප් ඉහළ දැමීම ඇතුළු හේතු මත බස් ගාස්තු වැඩි නොකළහොත් පාඩු පිට බස් ධවානය නොකරන බවට බස් හිමියන් කළ දැනුම්දීමකට අනුවය.
නව බස්ගාස්තු සංශෝධනය පහත පරිදි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.






