සිදුව ඇති පිපිරීම්වලින් පසුව මගීන්ගේ ආරක්ෂාව සදහා ලංගම බස්රථවලින් මගීන් බස්සවා බස්රථ පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළ ඇතුළු ලංගම බස්නැවතුම්පොළ වෙත ඇතුළු කරගන්නා ලෙස රියදුරු හා කොන්දොස්තරවරුන්ට දැනුම් දුන් බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එච්. එම්. චන්ද්‍රසිරි පවසයි.
එසේම මගීන් රැගෙන එන භාණ්ඩ, ගමන්මලු අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව භාරගැනීමට කටයුතු කරන ලෙස බස්රථ කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇතැයි පැවසූ එච්. එම්. චන්ද්‍රසිරි මහතා ලංගම බස්නැවතුම්පොළ ආරක්ෂාව තහවුරු කර ඇතැයි කීය.