බ්‍රොඩ්ලන්ඩ් විදුලි ව්‍යාපෘතියේ පරිපාලන ගොඩනැගිල්ල අත්හරී!

ගිනිගත්හේන, පොල්පිටිය අසළදී කැලණි ගඟ හරස්කර ලංකා විදුලි බල මණ්ඩලය මඟින් ඉදිකරන බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි ව්‍යාපෘතිය නිසා නිවාස අහිමිවූ ජනතාව රැදී සිටි පරිපාලන ගොඩනැගිල්ලෙන් ඉවත්වීමට තීරණය කළහ.


බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලාගාරයේ උමග කැණීම් කටයුතු නිසා හානි ලබා වන්දි ඉල්ලා සිටි ජනතාව ඊයේ (15) පෙරවරුවේ සිට එම ජලවිදුලි ව්‍යාපෘතියට අයත් පරිපාලන ගොඩනැඟිල්ලක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබිණි. එහිදී හැටන් පොලිසියේ පොලිස් අධිකාරී අලුත්ගමගේ විසින් ලබාදුන් පොරොන්දුවක් මත ලබන සඳුදා(18) වනතුරු මෙම එම ගොඩනැගිල්ල අත්හැරීමට විරෝධතාකරුවන් තීරණය කර තිබේ. පෙබරවාරි 18වනදා පෙරවරු 10.00ට අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාර ව්‍යාපෘති අධ්‍යක්ෂ, විදුලිබල අමාත්‍යාංශ නිලධාරින්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, දේශපාලන නියෝජිතයන් ඇතුළු වගකිවයුත්තන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන බව පොලිස් අධිකාරීවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

එහිදී සාකච්ඡාවෙන් යම් ප්‍රතිඵලයක් නොලැබුනහොත් යළිත් මෙම ගොඩනැගිල්ල අත්පත් කරගන්නා බව විරෝධතාකරුවන් පොලිස් අධිකාරීවරයට පවසා ඇත.

Chandana Sirimalwatte :