අප්‍රේල් මාසයෙන් පසු බැංකු පොළී අනුපාතය පදනම් අගය ඒකක 200කින් එනම් සියයට දෙකකින් පමණ පහත වැටෙනු ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
මෙහිදී ණය පොළී අනුපාතිකය මෙන්ම ඉතිරිකිරීම්වලට හිමිවන පොළිය ද ඇතුළු සියලූ පොළී අනුපාතිකයන් පහළ යනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.
විශේෂයෙන් රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගන්නා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මෙයින් පොළී සහනයක් හිමිවනු ඇතැයි කී අමාත්‍ය හර්ෂ ද සිල්වා අතීතයේ ලබාගත් ණයවලට අදාළව ද මෙම සහනය ලැබෙනු ඇතැයි කීවේය.
රජයේ ප‍්‍රතිපත්තිමය පොළී අනුපාතිකය හා භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාතිකය අනුව ඉදිරියේදී මාස තුනකට වරක් පොළී අනුපාත ව්‍යුහය සංශෝධනය කිරීමට නිර්දේශ කර ඇති බවත් අමාත්‍යවරයා ස`දහන් කළේය.
පොළී අනුපාතය ඉහළයාම පිළිබදව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් ඉදිරිපත් වූ අදහස් පදනම් කරගෙන ඒ පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කළ බවත් එම එම කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව කමිටුව විසින් ඊයේ (10) දිනයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහට භාරදුන් බව ද ඇමතිවරයා පවසයි.