Posted on 08.17.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
බෝම්බ තර්ජන හේතුවෙන් චිලි ගුවන් සේවයට අයත් ගුවන් යානා නමයක් ඊයේ හදිසියේ ආජන්ටිනාව, පේරු, චිලි ගුවන් තොටුපලවල ගොඩබෑමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිය ගුවන් යානා හදිසියේ ගොඩ බෑමට චීලි ගුවන් සේවා බලධාරීන් තීරණය කර තිබෙන්නේ එම යනාවල බෝම්බ තබා ඇති බවට ලැබුණු බොරු තර්ජන හේතු වෙන් බව පසුව අනාවරණයවී තිබේ.
චිලිහි සන්තියාගෝ අගනුවර ගුවන්තොටුපළේ පමණක් ගුවන් යානා පහක් හදිසියේම සිය ගමන්වාර නවතා දමා තිබෙන අතර අනෙක් ගුවන් යානා පේරු හා ආජෙන්ටිනාවේ ගුවන් තොටුපලවලට ගොඩබස්වා මගීන්ව ඉවත් කිරීමට කටයතු තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරති.
බොම්බ තිබෙන බවට තර්ජන 11ක් චිලී ගුවන් සේවයට ලැබී තිබේ. ඉන් පසුව සිය ගුවන් යානා වහාම නතර කිරීමට චීලී බලධාරීන් කටයුතු කර ඇත. පසුව කරන ලද සොයා බැලීමෙන් පසු එම බෝම්බ තර්ජන ව්‍යාජ ඒවා බවට හෙළිව තිබේ. මෙම හේතුවෙන් මගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.