Posted on 09.17.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොළඹ නගරයේ මංතීරු නීතිය කඩකරන රියදුරන්ට එරෙහිව රුපියල් 2000ක දඩයක් පැනවීම එළැඹෙන සඳුදා සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය නිවේදනය කරයි.
ඒ අනුව අද (17) සහ හෙට (18) දෙදිනත් මංතීරු නීතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකය.
අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස් ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වේ.
පොලීසිය පැවසුවේ තනි ඉර කපා වාහන ඉස්සර කිරීම, ද්විත්ව ඉරි කපා වාහන හැරවීම ඇතුළු මංතීරු නීතියට අයත් වැරදි 14 කට එරෙහිව රුපියල් 2000 ක දඩයක් ලබන සඳුදා සිට පැනවෙන බවය.
එසේම බස්, ත්‍රිරෝද රථ හා යතුරු පැදි ඒ සඳහාම විශේෂිත මංතීරුවේ ධාවනය කිරීමත් අත්‍යවශ්‍ය වේ.
මෙහිදී ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කිරීමට නියමිත ය.
සෑම සතියේ දිනකම පෙරවරු 6 සිට 9 දක්වාත්, පස්වරු 4 සිට 7 දක්වාත් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙයි.
එහෙත් බොහෝ මගීන් පිරිසක් චෝදනා කරන්නේ ත්‍රීවිල් රථ, යතුරු පැදි සහ බස් රථ එකම මාර්ගයක ධාවනය කිරීම අසාධාරණ බවයි.