Posted on 10.13.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මන්ත්රීවරුන් අත්සන් කරමින් ලියුම් ඉදිරිපත් කිරීම හරහා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නොහැකි බව රියාද් බද්යුද්දීන් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ප්රකාශ කරයි.
මන්ත්රීවරුන් විසින් මේ ආකාරයට තමා ත්රස්තවාදි චෝදනා යටතේ නැවත වතාවක් අත්අඩංගුවට ගන්නැයි කරණ ඉල්ලීම් සාධාරණ නොවන බව ප්රකාශ කරමින් රිෂාද් බද්යුද්දීන් මන්ත්රිවරයාගේ සොයුරු රියාජ් බද්යුදීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (12) ලිපියක් යවා ඇත.
මින් පෙර නීතිවිරෝධි කටයුතුවලට සම්බන්ධ බවට තමන්ට එරෙහිව නැගුණු එල්ල වූ චෝදනා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් කළ බවත් එහිදී තමන්ට එල්ල වූ චෝදනාවලට කිසිදු පදනමක් නැති බව අනාවරණය වූ බවත් රියාජ් බද්යුදීන් සිය ලිපිය මඟින් ජනාධිපතිවරයාට පවසා තිබේ. කසෙසේවෙතත් මන්ත්රිවරු අත්සන් යොදා ලියන ලිපි මගින් ඉදිරිපත් කරන චෝදනා ජනාධිපතිවරයා විසින් පිළිනොගන්නා බව තමා විශ්වාස කරන්නේ යැයි ද ආණ්ඩුව තුළත් විපක්ෂය තුළත් සිටින ඇතැම් පාර්ශව අසාධාරණ ලෙස දේශපාලන වාසි ලබාගැනීමටත් ජාතිවාදය ඇවිස්සීමටත් උත්සාහ කරන්නේ යැයි ද රියාජ් බද්යුදීන් එම ලිපියේ සඳහන් කර ඇත.
තමන් කිසිදු ත්රස්තවාදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසානයේ දී තහවුරු වූ බව ද තමන් සැක කිරීමේ එකම හේතුව ඉන්සාෆ් අහ්මඩ් සමඟ තමන්ට තිබුණේ දැන හැඳුනුකම් පමණක් බවත් එය මෙම පරීක්ෂණවලදී තහවුරු වූ බවත් හෙතෙම සඳහන් කර ඇත. එසේම තමන් මුදාහැරියේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් නොකර යැයි ඇතැම් පාර්ශව චෝදනා කරන බවත් ඊට ද කිසිදු පදනමක් නැති බවත් ඔහු සිය ලිපිය මඟින් ප්රකාශකර තිබේ.