Posted on 08.29.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ජාතික ගුවන් සේවයේ මගී පහසුකම් සලසන්නේ තෝරාගත් රටවල් කිහිපයක ගුවන් මගීන්ට පමනක් බව ඒම ගුවන් සේවය දැනුම් දී ඇත.
මේ වනවිට කොරෝනා වසංගතය හේතුවෙන් මැදපෙරදිග සිට මෙරටට පැමිණෙන්නට 54,000ක් ලියාපදිංචිව සිටින බව වසංගත රෝග විද්‍යා අංශය නිල වශයෙන් පිළිගෙන ඇති අතර ඒහෙත් ඔවුන් මෙරටට ගෙන්වීම දින දියමයක් නැතිව අවලංගුකර ඇත. මේ නිසා ගුවන් යානා යවනු ලබන්නේ ඒසේ මැදපෙරදිග නොවන රටවල් කිහිපයක් වෙතය. එනම්, ඉතාලියේ මිලාන්, ඒක්සත් රජධානියේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ, මාලදිවයිනේ මාලේ, ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්, ප්‍රංශයේ පැරිස් හා ඔ්ස්ට්‍රෙලියාවේ සිඩ්නි යන නගරවලට පමණකි. මෙම නගරවල සිට පැමිණෙන මගීන් නිරෝධායන මධයස්ථානවලට යවන්නේ නැතිව සමාජය වෙත් නිදහස් කරන්නේදැයි පැහිදිලි නැත. කෙසේවෙතත් මැදපෙරදිග කොරෝනා වසංගතයෙන් පීඩා විඳිමින්, රැකියාවලින් නෙරපා හරිනු ලැබ, මාස තුනක් වැටුප්, නවාතැන් හෝ නිසි ආහාරයක්, ප්‍රතිකාරයක් හෝ වාසස්ථානයක් නැතිව සිටින ලාංකිකයන්ට තවදුරටත් ප්‍රමුඛතාවක් ගුවන් ගමන්වලදී හිමි නොවන බවද පැහැදිලිය.