Posted on 08.28.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊශ්‍රායලයේ විදේශ ශ්‍රමිකයන් ලංකාවට පැමිණීම සඳහා එරට ටෙල්-අවිව් අගනුවර ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී මාස ගණනාවක් බලා සිටියද අවසාන මොහොතේ එම අවස්ථාව අහිමිකර ඇත.
විදේශ අමාත්‍යංශ මූලාශ්‍ර අනුව, අගෝස්තු 30 දින ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණෙන ලාංකිකයන් වෙනුවෙන් ගුවන්යානයේ ගමන දින නියමයක් නොමැතිව අවලංගුකර ඇත. අගෝස්තු 19 වැනිදා සිට 24 වැනිදා දක්වා මේ සම්බන්ධව ටෙල්-අවිව්හි ලංකා තානාපති කාර්යාලය එරට ලාංකිකයන්ට දැනුම් දී තිබුණේ අගොස්තු 30 වැනිදා ගුවන්යානයේ ලංකාව කරා යාහැකි බවය. ඒහෙත් අගෝස්තු 25 වැනිදා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කලේ එකී ගුවන්යානය දින නියමයකින් තොරව අවලංගුකර ඇති බවය.
මේ අන්දමට විදේශ ශ්‍රමිකයන් සම්බන්ධ ගුවන්ගමන්වලදී ඔවුන්ගේ අයිතිවාසිකම් නොතකා කටයුතු කරමින් අන්තර්ජාතික ගුවන්ගමන් පිළිවෙත සම්පූර්ණයෙන් කඩකරන තත්වයක් දක්නට ලැබේ. ලංකාවේ බලධාරින් මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු ලෙස පවසන්නේ කොරෝනා වසංගතය හා නිරෝධායන පහසුකම් නැතිකමය.
