Posted on 06.09.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවට විදේශ හමුදා පැමිණීමේ අවදානම පිළිබද පළවන වාර්තා අසත්‍ය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
ඊයේ (08) පස්වරුවේ කථානායක කරු ජයසූරිය ඇතුලු පිරිසක් සහභාගි කරමින් කොළඹ පැවති ප්රචාරක උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“ජාතික මඟ” මහා සඟ සමුළුව ලෙස නම්කර තිබුණු මෙම උත්සවය ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණි.
මේ වනවිට ලංකාව විසින් අත්සන් කර ඇති ACSA ගිවිසුම සහ අත්සන් කිරීමට නියමිත SOFA ගිවිසුම හේතුවෙන් එක්සත් ජනපද යුද කටයුතුවලදී ලංකාවේ භූමිය, සාගරය හා ගුවන යොදාගැනීමට අවසර ලැබෙන බවද එසේම එක්සත් ජනපද සොල්දාදුවන් ලංකාවේ නීතිමය බලයට යටත් නොවන පසුබිමක මෙම පහසුකම් එක්සත් ජනපදයට දණ නැමීමක් බවටද චෝදනා එල්ල වී තිබේ. එහෙත් ඇමති චම්පික පවසන්නේ එවැනි විදේශ හමුදා පැමිණීමක් සිදු නොවන බවය. කෙසේවෙතත් යුද ගිවිසුම් ගැන ඇමතිවරයා මේ දක්වා කිසිදු විරෝධයක් හෝ සදහනක් පවා සිදුකර නැත.