Posted on 02.13.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
දේශපාලනඥයන් තමන්ගේ කටයුතුවලට මැදිහත් වීම හේතුවෙන් මත්ද්‍රවය ජාවාරම්කරුවන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව පොලීසිය තමන්ට පැවසූ බව රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු පවසා ඇත්තේ තමන් සහ සාගල රත්නායක ඇමතිවරයා පොලිස් ප්‍රධානින් කැඳවා ඔවුන්ව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම වළක්වන හේතු මොනවාදැයි විමසූ අවස්ථාවේ පොලිස් ප්‍රධානීන් මෙලෙස පැවසූ බවයි.
ඉන් පසු තමන් ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට එවැනි පුද්ගලයන් මුදාගැනීම සඳහා පොලීසියට බලපෑම් නොකරන ලෙසට අපදෙස් ලබාදුන් බව අගමැතිවරයා පවසා තිබේ.
එසේම මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා පොලිස් කොමිසම වැනි ස්වාධීන කොමිසම් අත්‍යවශ්‍ය වන බවද අගමැතිවරයා පවසා ඇත.