Posted on 09.13.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මනම්පිටිය වැලි මංකඩ පාරිසරික හානියට ඒරෙහිව මැදිහත් වූ පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.
දේශපාලන බලය අනුව වැලිමංකඩ අත්පත් කර ගැනීමට පැමිණි මැරවරයන් විසින් ඊට එරෙහි වූ වැලි කැණීම් සේවක සංගමයේ සාමාජිකයන්ට හා පෙ.සප. ක්‍රියාකාරීන්ට පහරදී ඇත.
වැලිමංකඩ යලි පවරා ගැනීමට අගමැති කාර්යාලයේ ලිපියක් රැගෙන පැමිණි පිරිසක් උත්සාහ ගැනීම නිසා ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබේ. සේවක වෘත්තිය සමිතියේ මැදිහත්වීමෙන් මෙම හදිසි කඩාවැදීම සම්බන්ධව විරෝධය පළකර ඇත. එහිදී සේවකයන් විරෝධතා දක්වන විට මේ ප්‍රහාරය එල්ල කර ඇත.
මෙම සේවක විරෝධතාව අවස්තාවේ ඊට සහාය පළකරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පෙ.ස.ප. මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා ඇතුළු කිහිප දෙනකු මෙම මැර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත.
ඇමති රෝෂාන් රණසිංහගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බව වැලිමංකඩ සේවකයෝ චෝදනා කරති.

