Posted on 04.07.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) අද(7) කොළඹ ජාතික රෝහල අසළ සෞඛ්‍ය සේවක විරෝධතාවකදී පොලිසිය විසින් පැහැර ගනු ලැබූ නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන්ට අමානුෂික ලෙස පහර දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉදිරි පත් නොකර පොලිසියේ රඳවා ගෙන සිටින බව අනාවරණය වේ.
ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමන අවස්ථාවේදී ජංගම දුරකථනයක් පැහැර ගෙන පළා ගිය පුද්ගලයකු පසුපස දිව ගොස් ඔහු ඡායාරූපයට හසුකර ගැනීමට මලික අබේකෝන් කටයුතුකර ඇත. එම අවස්ථාවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිඥයකු ඉදිරිපත් වූවද පොලිසිය විසින් ඊට අවස්ථාවක් ලබා දී නැත. මේ වනවිටත් මරදාන පොලිසිය විසින් මලික අබේකෝන්ට පහර දී ඇති අතර මහෙස්ත්රාත්වරයකු හමුවට ඉදිරිපත් කිරීමෙන් වැළකී පොලිසියට රැගෙන ගොස් පහරදී පොලිස් කූඩුවේ දමා ඇත.
මින් මඳ වෙලාවකට පෙර මාධ්‍යවේදීයාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කළ බලපෑෙම් හමුවේ මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඔහු හමුවීමට නීතිඥවරයාට අවස්ථාව ලැබී ඇත. එහිදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව මාධ්‍යවේදීයාට පහර දී ඇති බව අනාවරණය විය. තුවාලකරු පොලිසියේ රඳවා සිටීම අමානුසික තත්වයක් බවද සැකකරුවකු නම් ඔහුගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පොලිසියට නීතිමය හැකියාවක් ඇති බවද නීතිඥවරයා පෙන්වා දී ඇත.
මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙහිදී නිතිඥවරයාට පවසා ඇත්තේ අවශ්‍ය නම් අධිකරණ වෛද්‍යවරයකු හමුවට මලික අබේකෝන් ඉදිරිපත් කරන බවය. මාධ්‍යෙව්දියා අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස දක්වා ඇත්තේ පොලිසියේ රාජකාරියට බාධා පැමිණවීමය. කෙසේවෙතත්, මාධ්‍යෙව්දියා විසින් සිදුකර ඇත්තේ ජංගම දුරකථනයක් පැහැර ගෙන යමින් සිටි පුද්ගලයකු වාර්තාකරණයට හසුකර ගැනීමය. මෙසේ ජංගම දුරකථනය සොරකම්කර ගෙන පළා යමින් සිට ඇත්තේ පොලිස් නිලධාරියකු බවටද කරුණු අනාවරණය වෙමින් තිබේ.