Posted on 05.25.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෙළඳ අමාත්‍යංශයේ V8රථයක් මන්ත්‍රිවරයකුට ලබාදී තිබීම නිසා මැයි 9 වැනිදා ප්‍රහාරයට ලක්ව තිබුණු බව පොලිසියට අනාවරණය වී ඇත.
WP CT 1728 අංක දරණ අයිතිකරුවකු නොමැති V8රථයක් ප්‍රහාරවලින් ආපදාවට ලක්ව කොළඹ කුරුඳුවත්ත පොලිසියේ තිබියදී කළ සොයාබැලීමකදී මේ බව අනාවරණය වී ඇත. මෙම වාහනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී එය වෙළෙද අමාත්‍යාංශයට අයත් වාහනයක් බවට කරුණු අනාවරණය වීමෙන් පසු එහි රියැදුරු පොලීසියට ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගත් බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම වාහනය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත පැමිණි බව කියන මෙම ජීප් රථය කොළඹදී මැයි 09 වැනිදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලදී විනාශයට පත්වීමෙන් පසු කුරුදුවත්ත පොලීසියට ගෙනැවිත් දමා තිබුණු බව එම පොලිසියේ නිලධාරින් විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක වෙත කරුණු වාර්තා කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත, අරලියගහ මන්දිරයේ පැවැති උත්සවය නිමාවී නැවත පුත්තලම බලා යමින් සිටියදී බොරැල්ල එෆ් ආර් සේනානායක මාවතේදී ප්‍රහාරයට ලක්වීමෙන් පසු එම වාහනය වෙළෙද අමාත්‍යාංශයේ රියැදුරු විසින් පොලීසියේ දමායන ලදැයි ද කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.