මේ වනවිට මළසිරුරු 323ක් සොයාගෙන ඇති මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කුමන කාලයකට අයත්ද යන තොරතුරු පෙබරවාරි 20 මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ පවසයි.
කාබන් කාල නිර්ණය සදහා සාම්පල අමෙරිකා එක්සත් ජනපද පරික්ෂණාගාරයකට යවන ලද අතර එම කාල නිර්ණය අනුව මෙම සමූහ මිනිවලේ මළසිරුරු දැමූ කාලය පිළිබද නිගමනය කිරීම පහසු වේ. එසේම මෙම අස්ථි යුද සමයේ වළ දමන ලද්දේ නම් ඒවා යුද වින්දිතයන්ගේ සිරුරු බව නිසැකව නිගමනය කළ හැකිය. කෙසේවෙතත් සමූහ මිනිවලේ දමා ඇති එම සිරුරු කවුරුන්ගේද යන්න පරික්ෂණ කිරීමෙන් විසදාගත යුතුව ඇත. ඒ සදහා ගොඩ ගෙන ඇති සිරුරුවල ඩී.එන්.ඒ පරික්ෂන සිදුකර ඒවා අතුරුදන්වූවන්ගේ ඥාතින්ගේ ඩී.එන්.ඒ. සමග සැසදිය යුතුව ඇත. මේවන විට ළමුන්ගේ යැයි සැළකෙන සිරුරු 28ක් ඇතුළුව මන්නාරම සමූහ මිනිවලෙන් මළ සිරුරු 323ක් හමු වී ඇති බැවින් ඩී.එන්.ඒ පරික්ෂන සිදුකරමින් ඒවා කාගේදැයි සොයාගැනීම දීර්ඝකාලයක් ගතවන සංකීර්ණ ක්‍රිියාදාමයක් වනු ඇති බව නිසැකය. එසේ වුවද මිහිමත සෑම මිනිසකුම ගෞරවණීය මරණයක් හිමි විය යුතු බවට වග බලාගැනීම පොදු පිළිගැනීමකි. ඒ වෙනුවෙන් කටයුතු කිරීම රජයේ වගකීමකි.
මන්නාරම සමූහ මිනිවල පිහිටි පැරණි සතොස ගොඩනැගිල්ල එක්තරා කාලයකදී රජයේ ආරක්ෂක හමුදාවල කදවුරක් ලෙස පැවති බවට ද තවත් කාලයක එය එල්.ටී.ටී.ඊ සිරකදවුරක්ව තිබුණු බවටද ප්‍රදේශයේ ජීවත්වන ජනයා අතර මතයක් තිබේ. ඒ අනුව කාල නිර්ණ වාර්තා අනුව මෙම මළසිරුරු සම්බන්ධයෙන් මෙන්ම මේවා කවුරුන් විසින් කළ අපරාධදැයි නිඕචය කරත හැකි වනු ඇත. ආරක්ෂක හමුදාවන්ට මෙන්ම එල්.ටී.ටී.ඊ. වෙත යුද අපරාධ චෝදනා රැසක් එල්ල වී ඇත.