Posted on 04.09.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායකගේ සැලැස්මකට අනුව විදුලි කප්පාදුව හෙටින් (10) පසු අවසන් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
අධික නියං තත්ත්වයත් සමඟ ඇතිවූ විදුලි අර්බුදයට අදියර තුනක් යටතේ විසඳුම් ලබාදීමට පියවර ගෙන ඇති බවත්, ඒ අනුව කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් පිළියම් ඉදිරිපත් කිරීමට ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. දැනට සිදුකෙරෙන විදුලි කප්පාදුව නැවැත්වීමට නම් මෙගාවොට් 500ක 600ක පමණ විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කළ යුතු අතර අමතර විදුලිය මිලදී ගැනීම් යටතේ එම ප්‍රමාණය මිලදී ගැනීමට නියමිතය.
ඒ අනුව හෙට රාත්‍රියෙන් පසු යළිත් විදුලි කප්පාදුවක් සිදුනොවන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.