தமிழ்
English
Contact
Thursday 8th April 2021    
මහපොළ අරමුදල් භාරකාරයන් කෝටි 164ක් අහිමි කරලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහපොළ අරමුදල් භාරකාරයන් කෝටි 164ක් අහිමි කරලා!



මහපොළ භාරකාර අරමුදල 2003 වර්ෂයේදී අැතිකරගත් ගිවිසුමක් මත කටයුතු ෙනාකිරීෙමන් රුපියල් කෝටි 164 කට වැඩි ප්‍රතිලාභයක් අහිමි වී ඇතැයි මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මගින් ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙයි.

එම ප්‍රතිලාභ අහිමිවීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සඳහන් කර අැත්ෙත් හිටපු පරිපාලනෙය් ෙනාසැළකිලිමත්භාවයයි.

මහපොළ භාරකාර මණ්ඩල පනතේ තුන්වැනි වගන්තියට ප්‍රකාරව මහපොළ අරමුදල පිලිබඳව පරිපාලනය කළමනාකාරය හා පාලනය එහි භාරකාර මණ්ඩලයට පැවරී තිබුණද 2003 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වූ කාලයේදී ඒම මණ්ඩය විසින් යහපත් අාකාරයට තීරණ නොගැනීමත් පැවරී තිබූ අධීකාරී බලය ඉක්මවා කටයුතු කිරීමත් හේතුවෙන් එයට බරපතල මූල්‍ය හා මූල්‍ය නොවන පාඩු සිදු වී ඇතැයිද අනාවරණය කර ඇත.