தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
බාලිකා පාසලකට කඩා වැදුණු ශාන්ත තෝමස් සිසුන් අත්අඩංගුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බාලිකා පාසලකට කඩා වැදුණු ශාන්ත තෝමස් සිසුන් අත්අඩංගුවට!



පාසල් ක්‍රීඩා තරගයක උද්දාමයෙන් කොල්ලුපිටිය මෙතෝදිස්ත බාලිකා විදුහලට කඩා වැදී රතිඤ්ඤා දල්වමින් එහි දේපළවලට හානි කළ පාසල් දෙකක සිසුන් 34දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිසුන් කලහකාරි ලෙස විදුහලට කඩාපැනීම හේතුවෙන් බාලිකා විදුහලේ ගේට්ටුවලට, පාසල් වාහන කිහිපයක් ඇතුළු දේපළ රැසකට අලාභ හානි සිදුව ඇත. මේ අන්දමට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස‍ ශාන්ත තෝමස් විදුහලේ සහ බම්බලපිටිය පාසලක සිසුන් පිරිසකි. පාසල් ක්‍රිකට් තරග සදහා සහභාගිවන ආකාරයේ කණ්ඩායමක් ලෙස වාහන කිහිපයකින් පැමිණි මෙම සිදුන් කළහකාරී ලෙස හැසිරුණු බවට බාලිකා පාසලේ විදුහල්පතිවරයා කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා බාරදීමට කටයුතු කරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.