මහින්දට විපක්ෂ නායකකම දෙන්න වැඩ කරනවා – පක්ෂ සාමාජිකත්වය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා බවට මහින්ද රාජපක්ෂ පත් කර විපක්ෂනායකධුරය එහුට හිමිවිය යුතු බවට තහවුරු කිරීමට ඉදිරි කටයුතු ගෙන යන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

අද(28) ගම්පහ දී මාධ්‍යවේදීන් හමුවීමෙන් පසුව ඔවුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ශ්‍රීල.නි.ප. මහලේකම්වරයා මේ  බව අනාවරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියපු, තනතුරු ගත් අයට ඉදිරියේ දී විනය පියවර ගන්නේ දැයි අසන ලද පැනයට පිළිතුරු දෙමින් ශ්‍රීල.නි.ප. මහලේකම්වරයා කියා සිටියේ, ශ්‍රීල.නි.ප. හැර ගිය අයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම  ප්‍රතිපත්තිමය වශයෙන් අවශ්‍ය බවත් ඒ පිළිබද මධ්‍යම කාරක සභා රැස්වීමේදී එකඟතාවයකට පැමිණි බවත්ය.

ජනවාරී මුල් සතිය වෙන විට විපක්ෂ නායක කාර්යාලය මහින්ද රාජපක්ෂට හිමිවීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වීම තුළින් විපක්ෂ නායක තනතුරට තිබෙන ප්‍රශ්නය විසදිය හැකිදැයි එහිදී මාධ්‍යවේදියකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, විපක්ෂ නායක තනතුර පිළිබඳ ඇති ගැටළුව මේ වන විට සම්පූර්ණයෙන්ම විසඳී අවසන් බවයි.

 

 

Chandana Sirimalwatte :