තමන්ට අගමැති ධුරයේ සහ ඇමැති ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ඉවත් කරන ලෙස මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඉදිරිපත් කළ අභියාචනය ඊයේ (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගන්නා ලදී.
එහිදී මෙම තහනම් නියෝගය නිකුත් කළ සිද්ධියට අදාළ නඩුව එය ගොනු කළ මන්ත්‍රීවරුන් 122 විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා අස්කර ගෙන ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේය.
මහින්ද රාජපක්ෂ ඇතුළු 49 දෙනෙකුට එරෙහිව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122 දෙදෙනෙකු ගොනු කර තිබූ කෝ වරෙන්ටෝ රීට් ආඥා පෙත්සම පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගනු ලැබුවේ පසුගිය 12 වැනිදායි.