ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන පොදු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ගැන ඊයේ (14) තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසුවත් එවැනි තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
නව සන්ධානයක් පිහිටුවීම පිළිබඳව ඊයේ පැවැත්වුණු සාකච්ඡාවේදී මෙම තීරණය ගන්නා බව කී මන්ත්‍රීවරයා ඒ කවුරුන්ද යන්න දැන්ම රටට නොකියන බවද පවසා තිබුණි.
මෙම සන්ධානයේ අභ්‍යන්තරයේ පවතින බල පොරය හේතුවෙන් ඊයේ පැවැත්වුණු සාකච්ඡාවේදී මෙම තීරණය ගැනීමට නොහැකි වී ඇති බවද පැවසේ.