தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
මහින්ද - මෛත්‍රී අලුත් සන්ධානයකින් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්ද – මෛත්‍රී අලුත් සන්ධානයකින්



ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසා තිබුණි.

මහින්ද රාජපක්‍ෂ එම සන්ධානයේ අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකයා බව කී මහලේකම්වරයා එහි ඡන්ද ලකුණ කුමක් ද යන්න ගැන මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැතැයි ද පැවසීය.

රටේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතීතයේ සිටම ජාතික මැතිවරණවලට ඉදිරිපත් වූයේ පුළුල් සන්ධානයක් යටතේ බව කී මහලේකම්වරයා මෙවරද එවැනි සන්ධානයක් වෙනුවෙන් මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙන බව කීවේය.

මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අතීතයේ පටන් මෙවන් අවස්ථාවල පක්‍ෂයේ ලකුණ වන ‘අත’ ලකුණ වෙනුවට ‘රෝදය’, ‘පුටුව’, ‘බුලත්කොලය’ ආදී ලකුණුවලින් තරග කර තිබෙන බව කී මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මෙවර ද සියලූ දෙනා එකඟ වන ඡන්ද ලකුණක් තෝරාගන්නා බව සඳහන් කර තිබුණි.

මේ අවස්ථාවේ සිතිය යුතු වැදගත්ම දෙය වන්නේ පොදු සතුරාට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න බව කී මහාචාර්යවරයා අන් සියලූ කරුණු සළකන්නේ දෙවැනි කොට බව ද කීවේය.

දැනට පවතින තත්ත්වය යටතේ අලුතින් පක්ෂයක් ලියාපදිංචි කළ නොහැකි බැවින් මහින්ද පාර්ශවයට තරඟ කිරීමට සිදුවන්නේ දැනට පවතින පක්ෂයක් නමිනි. ඒ අනුව වැඩි ඉඩ කඩක් පවතින්නේ දැනට පවතින පක්ෂයක් වෙනත් නමකින් තරඟ කිරීම සඳහා යොදාගැනීමයි.