Posted on 09.11.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ලබන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ.
ඒ අනුව, ලබන සතියේ දී ඔහු මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
අද (11) පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ තමන්ට මහ බැංකු අධිපතිධූරය බාරගන්නා ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව තමන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවය.
දැනට මහ බැංකු අධිපති ලෙස කටයුතු කරන ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඊයේ තමන් වේලාසන විශ්‍රාම යාමට තීරණය කර ඇති බව නිවේදනය කරන ලදී. තමා වෙහෙස වී කටයුතු කළත් තමන්ගේ පාලනයෙන් බැහැරව ඇති බලවේගයන් නිසා අපේක්ෂා කළ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිවූ බවත් සඳහන් කරමින් මහ බැංකු අධිපතිවරයා කලකිරුණු ස්වභාවයෙන් කතා කරනු දැකිය හැකි විය.