Posted on 10.13.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මහ බැංකු බැඳුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිටපු අධ්යක්ෂ අජහාන් ගාර්දිය පුංචිහේවා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සාක්කි මෙහෙය වන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නීතිපතිවරයාට නියම කර තිබේ.
සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල සැඟව සිටින මෙම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව ඔවුන්ට එරෙහි නඩු භාගගය ආරම්භ කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරු මඩුල්ල එලෙස නියම කර තිබේ.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය සමඟ උදර්පණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් එය සක්‍රීයව පවතින බවත් සඳහන් කළේය.
එම උදර්පණ ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා කාලය ගත වන හෙයින් විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සඳහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා දැනුම් දුනි.
එමෙන්ම මෙම නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා මේ වන විට මැලේසියාවේ වාසයකරන බවට තොරතුරු ලැබී ඇති බවත් උදර්පණ නීතිය යටතේ ඔහු මෙරටට ගෙන්වා ගැනීම ප්‍රායෝගිකව අපහසු බවට කරුණු අනාවරණය වී ඇති හෙයින් එම විත්තිකරු නොමැතිව නඩුව පවත්වාගෙන යාම සදහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිස්ටර් ජනරාල් නාවාන දැනුම් දී තිබුණි.