අද(28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සමග අධිකරණයට පැමිණි ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස හදුන්වන පුද්ගලයකු නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට අධිකරණ භූමියෙන් පිටතදී පහර දී තිබේ.
අද උදෑසන කැඳවු නඩුව පස්වරු 2.30 වන තෙක් කල් තැබු අවස්ථාවේදී , අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පිටව යාමට සැරසෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සමඟ සිටි නාවික හමුදා නිලධාරීයකු යැයි සැකකරෙන මෙම තැනැත්තා විසින් එතැනට පැමිණි මාධ්‍යවේදීන්ට පහර දී තිබේ. මේ අන්දමින් පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අධිකරණ පොලිස් මුරපොලට පැමිණිල්ලක් කිරීමෙන් පසුව එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත් විය.