Posted on 03.10.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජිනීවා මානව හිමිකම් පිළිබද සමුලුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද නියෝජිතයෙකු ලෙස සහභිග්වන්නට නියමිත උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් කළ ඉල්ලීමකට අනුව එම සමුලුවට දිරිපත් කිරීම සඳහා අද (10) දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් විසින් යෝජනා භාර දෙනු ලැබිණි.
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන එම්.කේ.සිවාජිලිංගම් හා ආනන්දි ශෂිධරන් ඇතුළු පිරිසක් විසින් අදාළ යෝජනාවන් උතුරු ආණ්ඩුකාරවරයාට භාර දීම සිදු විය.
මානව හිමිකම් සභාව වෙතට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා සාමාන්‍ය ජනතාවටද අවස්ථාවක් සලසා දෙමින් මේ මස 13 වන බදාදා දිනයට යෙදී ඇති ඇති මහජන දිනයේදී ජනතාවගේ යෝජනාද ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට උතුරු ආණ්ඩුකාරවරයා විසින් පියවර ගෙන ඇත.