தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි - ආර්. සම්බන්ධන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි – ආර්. සම්බන්ධන්



හැකිතාක් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පවසයි. සියලු දෙනාගේම යහපත වෙනුවෙන් මේ ප්‍රශ්න විසඳාගත යුතුයි යැයි මෙහිදී පැවසී ය.

මන්ත්‍රීවරයා ඊයේ (28) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පවසා තිබුණි.

“මෙය වැදගත් අමාත්‍යාංශයක්. රාජ්‍යයේ වැදගත් කාර්යභාරයක් ඉටු වෙනවා. පළාත් සභා ක්‍රමය යටතේ තමයි පලමු වරට බලය බෙදීම 13 වැනි සංශෝධනය යටතේ සිදු වුණේ. ඒකීය නොබෙදුණු රටක් ලෙස ස්වෛරීත්වය අරක්ෂා කර ගනිමින් තමන්ට රට ගැන අයිතියක් හැගීම දැනවෙන පියවරක් ලෙස පළාත් සභා හැදින්විය හැකියි.හැකිතාක් ඉක්මනින් පළාත්සභ මැතිවරණය පැවැත්වීමයි අපේ ස්ථාවරයි.එවිටයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවන්නේ.” යයි ආර්. සම්බන්ධන් වැඩිදුරටත් පැවසීය.