Posted on 03.12.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබා ගැනීම පිණිස හෙට(11) එම සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සමග සාකච්ඡා පවත්වන්නට නියමිතය.
20 වැනි සංශෝධනයට සහාය ලබාගැනීමේ උපරිම උත්සාහයක් පෙන්නුම් කිරීම මෙසේ විපක්ෂ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමේ අරමුණ බවට ජ.වි.පෙ. අභ්‍යන්තර ආරංචිමාර්ග හෙළිකරයි. එම උත්සාහයෙන් පසුවද අපේක්ෂිත ආකාරයට සහයෝගයක් නොලැබෙන්නට නියමිත බව ජ.වි.පෙ. තේරුම් ගෙන ඇතත් ජනතාවට ඒ බව පෙන්නුම්කිරීමේ අරමුණක් ඇතිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද දෙ.ජා.ස. නායක සම්බන්ධන්ද හමුවී සාකච්චා කරන්නට ජ.වි.පෙ. තීරණය කර ඇත. ජ.වි.පෙ. ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමේ උපක්‍රමයක් ලෙස පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ ක්‍රියාමාර්ගයට යාම සදහා මෙම උපක්‍රමික් ක්‍රියාදාමය ඉදිරියට ගෙන යමින් තිබේ.
ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් විසින්වි පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පත මේ වනවිට විවාදයට නොගෙන තබා ඇත.ආරම්භක අවස්ථාවේ එම යෝජනාවට සහයෝගය ප්‍රකාශ කළ පාර්ශ්ව මේ වනවිට කිසිදු සහයෝගයක් දක්වන බවක් දක්නට නැත. ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡා හෙට (11) ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
එ