தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
'මාර්තු 28' වැඩකරන ජනතාව අරගලයට පෙළ ගැසෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘මාර්තු 28’ වැඩකරන ජනතාව අරගලයට පෙළ ගැසෙති!



වැඩකරන ජනතාව මේ වනවිට මුහුණ දී ඇති දුෂ්කරතා සම්බන්ධව පාලකයන් විසින් විසදුම් නොදෙන තත්වය තුළ එම ගැටලු විසදාගැනීමේ අරගල වෙන්වෙන් සංවිධානයවීමට බලකර ඇති බව කම්කරු අරගල මධ්‍යස්ථානය පවසයි.
කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් මාර්තු 28 වැනිදා ප‍්‍රකාශයට පත්කර ඇති විරෝධතාව වෙනුවෙන් ජනමාධ්‍ය වෙත දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මේ බව ප‍්‍රකාශ විය. මාර්තු 28 වැනිදා මෙම විරෝධතාව සදහා කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෙනත් වෘත්තිය සංවිධාන රාශියක් සහයෝගය දෙමින් සිටින බව එම මධයස්ථානය පවසයි.

මේ මොහොතේ ලාංකේය වැඩකරන ජනතාව ජීවත්වීමට සරිලන වැටුපක් නොමැතිකම, සේවා ස්ථිරතාව හා සුරක්ෂිතතාව පිළිබඳව, සූරාකෑම තීව්‍ර කරන හා වෘත්තීය අයිතිීන් වෙනුවෙන් වන ක්‍රියාකාරකම් මර්දනය කරන නීති සංශෝධන, විශ්‍රාම ජීවිතයේ හා සමාජ ආරක්ෂණ ක්‍රම පිළිබඳව ආදී වශයෙන් බරපතළ අභියෝග රැසකට මුහුණ පා සිටිති. මේ අභියෝගයට මුහුණ දිය හැක්කේ සියලුම වැඩකරන ජනතා බලවේග ඒකාබද්ධ වූ අරගලයකින් බව අපගේ විශ්වාසයයි. ඒ අනුව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ යෝජනාවක් සහ පහත සටන් පාඨ පිළිබදව කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් යෝජනා කරයි.

එම විරෝධතා ව්‍යාපාරයට පදනම් කරගන්නා සටන් පාඨ මෙසේය.

■ රාජ්‍ය සේවක වැටුප් 10,000කින් වැඩි කරනු!

■ පෞද්ගලික අංශයේ අවම මූලික වැටුප රු. 25,000ක් කරනු!

■ වතු කම්කරු දිනක මූලික වැටුප රු. 1000ක් කරනු! ස්ථිර මාසික වැටුපක් ලබා දෙනු!

■ මෑන්පවර්, කොන්ත්‍රාත්, අනියම් එපා! සියලු සේවකයන් ස්ථිර කරනු!

■ මෑන්පවර්, කොන්ත්‍රාත්, අනියම් දවස් පඩිය රු. 1500ක් කරනු!

■ වෘත්තීය සමිති, බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ මර්දනය කරන ප්‍රතිත්‍රස්ත පනතට එරෙහි වෙමු!

■ මහජන දේපළ බහුජාතික සමාගම්වලට, ධන කුවේරයන්ට විකිණීම නවතනු!

■ විශ්‍රාම වැටුපට අත නොතබනු!

■ EPF-ETF කොල්ලය නවතනු!

■ වෘත්තීය භේද, ශ්‍රේණි භේද, සමිති භේද එපා! එක්ව සටන් වදිමු!

■ බදු ගසන සහන කපන මහජන දේපළ විකුණන IMF ණය උගුලට එරෙහි වෙමු!

■ ජනතා විරෝධී ගිවිසුම් එපා! සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අහෝසි කරනු!

■ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජීවිතවලට වගකියනු! වැටුපට වගකියනු!