Posted on 10.08.2018 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් ධීවර සංගම් කිහිපයක් විසින් අද(08) දින දිවයිනේ ප්‍රදේශ කිහිපයකම උද්ගොෂණ සංවිධානය කර තිබුණි.
බහු ජාතික සමාගම් කිහිපයක් සඳහා ශ්‍රී ලංකානු මුහුදු කළාපය තුළ මසුන් ඇල්ලීමට ලබා දීම, ඉන්ධන සහනාධාරය, අයිස් මිල ඉහල යෑම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නියැළුණි.
කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගය තෝප්පුව මංසන්ධියෙන් අවහිර කරමින් පුත්තලම සහ මීගමුව ප්‍රදේශයන්හි ධීවරයින් මෙලෙස විරෝධතාවයේ නියැළුණු අතර ගාල්ල ධීවර වරාය ඉදිරිපිට සහ කල්මුනේ – අක්කරේපත්තුව ප්‍රධාන මාර්ගය අඩාලච්චෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට බෝට්ටු යොදා අවහිර කර උද්ගෝෂණ සංවිධානය කර තිබුණි.
ඉන්ධන මිල ඉහළයාම සිය කර්මාන්තය කෙරෙහි දැවැන්ත අර්බුධයක් නිර්මාණය කරමින් තිබෙන අතර ඒ සමඟින් වැඩිවන අයිස් මිලද තමන්හට දරාගත නොහැකි ලෙස වර්ධනය වී තිබෙන බව උද්ගොෂකයින් පෙන්වා දෙන ලදි.
ධීවරයින් කර්මාන්තයේ නියැලෙන සිය මුහුදු කලාපය තුල මසුන් මැරීම සඳහා දැවැන්ත බහු ජාතික සමාගම් කිහිපයක විශාල නැවු 30ක ට අධික ප්‍රමාණයක් සඳහා ආණ්ඩුව විසින් අවසර ලබා දී ඇති අතර මේ හේතුවෙන් දේශීය කර්මාන්තයම අවදානමට ලක්ව තිබේ.
ආණ්ඩුව සියළු භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහල දමමින් ජනතාව මත බර පටවමින් සිය අර්බුධය වසා ගැනීමට සැරසෙන අතර දේශීය නිෂ්පාදන ආර්ථිකය විනාශ කරමින් වැඩකරන ජනතාව බහුජාතික සමාගම් වල වහලුන් බවට පත් කිරීමේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් සිටී.