Posted on 01.05.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ බුදු පිළිමවල වීදුරු ආවරණයට අලාභානි කිරීම සම්බන්ධයෙන් කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පවසා තිබේ.
එම සැකකරු වයස අවුරුදු තිහක පුද්ගලයෙකි . ඉකුත් මස 28 වැනි දින මෙම සිද්ධිය සිදු කර ඇති අතර එදින ඔහු පේරාදෙනිය රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් යළි රාත්‍රී කෑගල්ල දෙසට එන අතර තුළ මෙම සිද්ධිය සිදු කර ඇතැයි පොලිසිය කියයි.
එම බුදු කුටිය තුළ තිබූ රුපියල් 60ක පමණ මුදලක් ඔහු විසින් සොරාගෙන ඇති බවට විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසා තිබේ.
මෙම සැකකරු මීට පෙරද පිං කැට ආදිය බිඳ මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.