ජනතාව විශාල පරිමාණ සමාජ පරිවර්තනයකට සූදානම් නැති බවද, ඔවුන් ඉන්නා තැනින් යම් වෙනසක් ඇති කරන්න තම පක්ෂය වැඩ කරන බවද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත ප්‍රකාශ කරයි.
2018 ඔක්තෝබර් 26 ඔහු මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දෙන්නට පැය කිහිපයකට පෙර පටිගත කළ, සිරස – ඉලක්කය වැඩසටහනේදීය. ජ.වි.පෙ. වෘත්තිය සමිති නායක ලාල් කාන්ත දැක්වූ අදහස් කිහිපයකට අවධානය යොමු කරමු.