රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් පිරිසකට අසාධාරණ පන්ති තහනම් කිරීම් හා ශිෂ්‍යභාවය අහෝසිකිරීම්වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද කොළඹ පවත්වන විරෝධතා පෙළපාළිය මේ වනවිට ආරම්භ වී තිබේ.
ශිෂ්‍ය අයිතිවාසිකම් කප්පාදු නොකරන ලෙස හා අසාධාරණ ලෙස මර්දනීය ක්‍රියාමාර්ග වහා නවතන ලෙස ඉල්ලමින් මෙම ශිෂ්‍ය විරෝධතාව සංවිධානය කර ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධව කිසිදු විමර්ශනයකින් තොරව චෝදනා නැගීම, අයුක්ති සහගත දඩුවම් ලබාදීම, ශිෂ්‍ය සභාවල නිල නියෝජනයට ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරන්නට හෝ වරදක් සිදුවුවද සාධාරණ ක්‍රියාමාර්ග ඔස්සේ පාලකයන් කටයුතු නොකිරීම වැනි තත්වයන් පසුගිය කාලය පුරාම විශ්වවිද්‍යාලවල දක්නට ලැබුණි.රනිල් – මෛත්‍රි හවුල් පාලනයේදී ශිෂ්‍ය මර්දනයට නායකත්වය දී අපකීර්තිමත්භාවයක් උපයාගත් උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දුන් පසුව පිල් මාරුකර නැවත එම තනතුර දෙනු ලැබීය. විශේෂයෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරයට කිසිදු පදනමක් නොමැති චෝදනා නැගූ විජේදාස රාජපක්ෂ ශිෂ්‍යයන් සම්බන්ධයෙන් විවෘතභාවයක් නොමැතිව තීන්දු ගන්නට හා පළිගන්නට හැකි පසුබිමක් සකස් කිරීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපාරේ අරගලයෙන් තොරව ගැටලු විසදාගන්නට හැකි පසුබිමක් නොමැති බව විශ්ව විද්‍යාල ශිෂ්‍ය නියෝජිතයෝ චෝදනා කරති.