தமிழ்
English
Contact
Tuesday 24th May 2022    
මුදල් ඇමතිකම ගන්න ගෝඨාගේ උත්සාහය, IMF සාකච්ඡා ඉදිරියට යාමට බාධාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මුදල් ඇමතිකම ගන්න ගෝඨාගේ උත්සාහය, IMF සාකච්ඡා ඉදිරියට යාමට බාධාවක්!



මුදල් ඇමති ධුරය සඳහා ඇමතිවරයකු පත් නොකර සිටීමට හේතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුදල් ඇමති ලෙස කටයුතු කිරීමේ අරමුණදැයි ප්‍රශ්නයක් මතුව තිබේ.

රට මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදය තුළ මුදල් ඇමතිවරයකුගේ භූමිකාව තීරණාත්මක වන බැවින් මුදල් ඇමති ලෙස කටයුතු කරමින් සිය බලය භාවිත කිරීමේ අරමුණ ජනාධිපතිවරයාට ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් මත දක්වමින් සිටී.

ජනාධිපතිවරයාට ඇමති ධූර දැරීමේ අයිතිය අහෝසි කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇති නමුත් එහි ඇතැම් කොස් ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විරෝධය දක්වා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා සඳහා නායකත්වය දිය යුතු වන්නේ මුදල් ඇමතිවරයාය. නමුත් මේ වනවිට මුදල් ඇමතිවරයකු පත්කර නොතිබීම නිසා වත්මන් ආර්ථික ගැටලු සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය IMF සහන ලබා ගැනීමේ ක්‍රියාදාමය ප්‍රමාද වනු ඇති බව මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.