Posted on 05.22.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට රජයේ රෝහල් තුළ ඖෂධ, වෛද්‍ය උඵකරණ හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය සොඛ්‍ය සේවා පවත්වා ගෙන යාමේ අර්බුදයක් පැන නැගී ඇත.
ඩොලර් හිගය හේතුවෙන් සහ වෙනත් පරිපාලන හා කළමනාකරන ගැටලු නිසා පමණක් නොව, නිසි දේශපාලන නායකත්වයක් ලබා නොදීඹ නිසා මහජන සෞඛ්‍ය සේවය බිඳවැමෙින් තිබේ. මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳ දමා පෞද්ගලික අංශයේ ලාභ උවමනාවන් වෙනුවෙන් සෞඛ්‍ය සේවා වෙළඳපොළක් ඇති කිරීමේ රජයේ වැඩපිළිවෙළ තුළ මෙම තත්වයට ඉක්මනින් පිළියම් යෙදීමක් සිදුව නැත. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විසින්ද පසුගිය දිනවල අනාවරණය කළේ නිදහස් සෞඛ්‍ය සේවා බිඳ දමන්නට ආණ්ඩුව කටයුතු කරන බවය.
මේ වනවිට වෛද්‍ය සැපයුම් පමණක් නොව, රෝහල්වල මානව සම්පත සේවයට යෙදවීමේ ප්‍රායෝගික ගැටලු රාශියක් උධ්ගතව ඇත. පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීම සඳහා ඉන්ධන ලබාගැනීමේ ගැටලුවක් ඇති බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට හෙට (23) සිට රෝගීන් බාර ගැනීම සීමා කිරීමට සිදුවනු ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසයි.ෙ
අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබාදෙන බව පැවසුව ද ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් නොමැති වීමත් සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට පමණක් ඉන්ධන ලබා දී රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යා නොහැකි බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීවේය. මේ හේතුවෙන් හෙට (23) සිට රෝහලේ රෝගීන් බාර ගැනීම සීමා කිරීමට සිදුවනු ඇති බවට අදාල අංශ දැනුම්වත් කළ බව ද හෙතෙම පවසයි.
අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිකම නිසා රෝගින්, විශේෂයෙන් ජීවිතය ආරක්ෂා කළ හැකි දරුවන් මරණයට පත්වූ අවස්ථා පසුගිය දිනවල වාර්තා විය. මීට අමතරව වැඩිහිටියන්ගේ බෝ නොවන රෝග සඳහා අවශ්‍ය ඖෂධ නිකුත් නොකරන තත්වය තුළ ඔවුන් දිනපතා මරණය වෙත අත්හැර දමා ඇති බවට චෝදනා නැගෙමින් පවතී. මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල්වල පිළිකා රෝගින්ට අත්‍යවශ්‍ය ඖෂධ පවා නොමැති වීඹ සම්බන්ධයෙන් බලධාරින්ගේ අවධානයක් යොමුව නැත.
මේ වන විට විවිධ ප්‍රදේශවල රෝහල් අකර්මණ්‍ය කරමින් රෝහල් කාර්ය මණ්ඩලවල පැමිණීමේ ගැටලුව උද්ගත වී ඇති අතර ඖෂධ හා වෙනත් සැපයුම් හිගය නිසා සමස්තයක් ලෙස රෝහල්වල ජනතා සෞඛ්‍ය සේවා කටයුතු අකර්මණ්‍ය වී ඇති බව වෛද්‍යවරු ප්‍රසිද්ධියේ පවසති.