එස් වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා පමණක් නොව දෙමළ ජාතික සන්ධානයට තමා නියෝජනය කරන දේශපාලන කඳවුරට එන්නේ නම් වඩාත්ම සංතෝෂ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ පවසා තිබේ.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රන්ට අමාත්‍යධුරයක් ලබාදීම සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුමක්දැයි මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කර ඇත.
එල්ටීටී ත්‍රස්තවාදීන් ලෙස ක්‍රියාකළ කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණ නියෝජය ඇමතිවරයෙකු ලෙස සහ මහ ඇමතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂ රජයේ කටයුතු කළ බවත් එවැනි ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නැති වියාලේන්ද්‍රන්ට ඇමතිධූරයක් පිරිනැමීම ගැටළුවක් නොවන බව ඔහු පවසා තිබේ.
තමන් ටී එන්ඒ සමඟ එකතු වූවේ නම් එය වැරදි බවත් නමුත් තමන් එලෙස ප්‍රතිපත්ති මාරු නොකළ බවත් මන්ත්‍රීවරයා පවසයි.
වියාලේන්ද්‍රන් තම රජයේ ප්‍රතිපත්ති පිළිගෙන පැමිණ ඇති බවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිගෙන ඔවුන්ගේ කඳවුරට එන හැමෝම පිළිගන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.
උදය ගම්මන්පිල ප්‍රමුඛ මහින්ද හිතවාදීන් දෙමළ ජාතික සන්ධානයට මීට පෙර දිගින් දිගටම චෝදනා එල්ල කරනු ලැබුවේ ඔවුන් බෙදුම්වාදය ශක්තිමත් කරන බව පවසමිනි. එසේම 2009 ලබාගත් යුධ ජයග්‍රහණය ආපසු හැරවීමට උත්සාහ ගන්නා බවටද චෝදනා කරමින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරනු දැකිය හැකිවිය. නමුත් දැන් මතුව ඇති අර්බුදය හමුවේ උදය ගම්මන්පිළ ප්‍රමුඛ මහින්ද හිතවාදී නඩය උත්සාහ ගනිමින් සිටින්නේ තීරණාත්මක සාධකයක් වන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට විය යුතුය.