தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
මෙරටට රුසියාවෙන් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා මිලට ගැනීමට සැරසෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෙරටට රුසියාවෙන් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා මිලට ගැනීමට සැරසෙයි



එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානා රුසියාවෙන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වමින් සිටින බව රුසියානු ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක ප්‍රකාශ කර තිබේ.

ජගත් සාම සාධක මෙහෙයුම්වල නිරතවීම සඳහා ශ්‍රී ලංකාව මෙම හෙලිකොප්ටර් යානා මිලට ගැනීමට අදහස් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව 1990 වර්ෂයට පෙර සිටම එම්.අයි.‍17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මිලදී ගෙන තිබේ. ලොව පුරා රටවල් 100 කට අධික සංඛ්‍යාවක් මෙම හෙලිකොප්ටර් භාවිතා කරයි.

භාණ්ඩ ප්‍රවාහන, මගී ප්‍රවාහන, සෝදිසි මෙහෙයුම්, මුදා ගැනීම් මෙන්ම ගිනි නිවන කටයුතු වැනි දෑ සඳහා භාවිතා කළ හැකි අයුරින් එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා නිෂ්පාදනය කරනු ලබයි.

එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමට සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ශ්‍රී ලංකාව රුසියාවෙන් මෙම හෙලිකොප්ටර් යානා කොපමණ මිලට ගන්නවාද යන්න පිළිබඳව නිශ්චිතව තීරණය කර නැති බවත් රුසියානු ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.