Posted on 09.04.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
සිරියාවේ සිවිල් යුද තත්වය නැවත වරක් උණුසුම්වන තත්වයක් දක්නට ලැබේ. රුසියානු ගුවන් හමුදා විසින් සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ත්‍රස්ත ඉලක්ක වෙත නව ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරති.
සිරියානු ඉඩ්ලිබ් පළාතට අසාද් පාලනය විසින් නව යුද මෙහෙයුම් ආරම්භ කිරීම සදහා සූදානම් වෙමින් සිටින බවට වාර්තා විනි.
එම පලාතේ නව මෙහෙයුම් ආරම්භ නොකරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු අගවා තිබුනි. මෙම තත්වය යටතේ ඉඩ්ලිබ් පළාතේ සිටින සිරියානු විපක්ෂ කණ්ඩායම් සදහා වාසිසහගත තත්වයක් නිර්මාණය කිරීමට එ.ජනපදයට අවශ්‍යව ඇත.
පසුගිය දින කිහිපය තුල රුසියානු විදේශ අමාත්‍යවරයා සර්ජි ලැව්රෝව් එක්සත් ජාතීන්ගේ හමුවකදී පවසා තිබුනේ එ. ජනපදයේ ආධාර හා මෙහෙයවීම මත ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් සිරියාවේ රසායනික අවි ප්‍රහාරයන් එල්ල කරනු ඇති බවට චෝදනා කෙරිනි.
කෙසේ වෙතත් අද දින රුසියානු ගුවන් හමුදා සිය ගුවන් ප්‍රහාර නැවත සිරියාවේ ආරම්භ කිරීමත් සමග සිරියාවේ වත්මන් තත්වය තවත් උත්සන්න වනු ඇත.
රෙජිම් චෙන්ජ් කිරීමේ එ.ජනපද ප්‍රතිපත්තියට අනුව මැදපෙරදිග කලාපයේ රුසියානු හිතවාදී අසාද් පාලනය දුර්වල කර එරට විපක්ෂ කණ්ඩායම්වලට එරට පාලන බලය ලබාදීමේ සැලසුම ව්‍යර්ථ කිරීමට රුසියානු මැදිහත්වීම හේතු විනි.